(ජේ.කේ.එල්. චාමින්ද)
හෙරෙයින් මත්කුඩු ජාවාරම් කිරිම සම්බන්ධයෙන් බන්ධනාගාරතව සිට මිට මාස තුනකට පමණ පෙර ඇප ලබා පැමිණි මත්කුඩු ජාවාරම්කරුවකු හෙරොයින් මත්කුඩු සමඟ යළි යක්කලමුල්ල හැවන ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.
මත්කුඩු ජාවාරම්කරුගෙන් මත්කුඩු මිලදිගැනිම සදහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ද මෙහිදි අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්කුඩු ජාවාරම්කරු ඉමදුව කනංකේ කඩවිදියේ පදිංචි 29 හැවිරිදිවියේ පසුවන තරුණයෙකි.
මත්කුඩු ග්‍රැම් 05ක් හා මිලිග්‍රෑම් 100ක් ඔහු සතුව තිබූ බව පොලීසිය කියයි.
මත්කුඩු ලෝලින් දෙදෙනා හැවන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.සැකකරු ඉමදුව, යක්කලමුල්ල, කනංකේ ආදි ප්‍රදේශවලට මත්කුඩු බෙදාහැර ඇති බව විමර්ශනවලදි අනාවරණය වි ඇත.
මත්කුඩු ජාවාරම්කරු හා මත්කුඩු ලෝලින් දෙදෙනා ඊයේ (28) ගාල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd