(විජේරත්න රත්නායක )
නීති විරෝධී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 0.99 ක් සමඟ එක් පුද්ගලයෙක් බදුල්ල තල්දෙන ප්‍රදේශයේදී අද (21) බදුල්ල පොලිස් කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශය මඟින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරු මහියංගනය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
ඔහු පාසල් අවට හා වෙනත් ස්ථානවල ගැවසෙමින් තරුණයන් ඉලක්ක කරගෙන මත්කුඩු ජාවාරමේ නියැලෙන අයෙකු බවට මෙතෙක් කරන ලද විමර්ශන අනුව පොලිසිය සැකකරයි.
මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත අදාළ නිලධාරීන් විසින් බදුල්ල මහියංගනය පාරේ තල්දෙන 11 කණුව ප්‍රදේශයේදී සැකකරු විසින් යතුරු පැදියකින් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර බදුල්ල පොලිස් කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශය මඟින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකෙරේ.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හෙරොයින් ග්‍රෑම් 10 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට