(කරුණාරත්න ගමගේ)
හෙරොයින් සහ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 13 දෙනෙකු අද (05) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව සුරාබදු අධිකාරී කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස වයස අවුරුදු 21 ත් 40 ත් අතර වයසේ පසුවන හිඟුරක්ගොඩ සහ ඒ අවට පදිංචිකරුවන් බව එම නිලධාරියා කීය.
සුරාබදු නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බවත් සැකකරුවන් හෙට (06) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සුරාබදු අධිකාරී කාර්යාලයේ නිලධාරියා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd