ඩී.ජී.සුගතපාල
හෙරොයින් ග්‍රෑම් 21ක් සහ ගංජා ග්‍රෑම් 622ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පෙම් යුවලක් අද (26) සවස අත් අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල අලස්වත්තේ පදිංචි 22හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ පෙම්වතිය බව කියන කිරිමැටිමුල්ල තල්ගස්වත්ත පදිංචි 20 හැවිරිදි තරුණියකි.
සැකකරු සහ සැකකාරිය හෙරොයින් ගෙන එන බවට ලැබුන තොරතුරක් අනුව මාලිම්බඩ පොලිසියේ නිලධාරින් පිරිසක් මෝටර් රථය නවතා පරික්ෂා කිරිමේදි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
සැකකරු සහ සැකකාරිය හෙට (27) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd