(ටී.කේ.ජී.කපිල )
කූට ලෙස සකස් කළ ප්‍රංශ නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යය හරහා ප්‍රංශය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් අද(20) කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය වව්නියාව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණියකි .
ඇය අද කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව යෑමට නියමිතව තිබූ කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 669 දරණ ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියාය .
එහිදී ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ කවුළුව වෙත පැමිණි ඇය ඉදිරිපත් කළ ප්‍රංශ නේවාසික වීසා බලපත්‍රය පිළිබඳව සැක සිතූ කටාර් ගුවන් සේවා නිලධාරීන් එම ලියකියවිලි ඇය ද සමඟ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .
එහිදී එම නිලධාරීන් මෙම තරුණිය ඉදිරිපත් කළ ලියකියවිලි සියල්ල තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කරන අතරතුර ඇයගෙන් ප්‍රශ්න කිරීම් ද සිදු කර තිබෙන අතර , ඇය ඒවාට අවශ්‍ය නිසි පිළිතුරු ලබා දී නොමැත .
එහිදී ඇය සතු ප්‍රංශ නේවාසික වීසා බලපත්‍රය ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කර ඇති බවට සනාථ වී තිබේ .
ඉන්පසුව මෙම තරුණිය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරෙන් ප්‍රශයට යන්න ගිය තරුණියක් අත්අඩංගුවට