(ටී.කේ.ජී.කපිල )
වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීයකු අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපොලේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු අද (12) අලුයම 4.00 ට බහරේන් හරහා ඩුබායි බලා පිටත්ව යන ගල්ෆ් එයා ගුවන් සේවයේ ජී.එෆ්.-139 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඔහු රැගෙන ආ ගමන් මලු තුනක මෙම රුපියල් 23 ලක්ෂයක් වටිනා වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 23 ක් සඟවා ගෙන තිබී රේගු නිලධාරීන් බාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd