අනීෂා මානගේ
බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ගව මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද (17) දහවල් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතා ලද තොරතුරකට අනුව ඔහුගේ උපදෙස් පරිදි වැටලීම සිදුකල අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් සැකකරු ගව මස් ප්‍රවාහනය කරමින් සිටියදී තංගල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට පත්වූ සැකකරු තංගල්ල නලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගව මස් කිලෝග්‍රෑම් අනූපහක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ගව මස් ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් ත්‍රී රෝද රථයද පොලිස් බාරයට ගෙන තිබේ.
හම්බන්තොට සිට තංගල්ල නගරය වෙත ගව මස් ප්‍රවාහනය කිරීම සඳහා ලබා දී ඇති බලපත්‍රය උපයෝගී කරගෙන තංගල්ල නලගම ප්‍රදේශයේ සිට තංගල්ල නගරයේ පිහිටි ගවමස් අලෙවිසැළක් වෙත මස් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 21
166
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
239
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
හොරෙන් ගවමස් ප්‍රවාහනය කළ අයෙක් තංගල්ලෙන් අල්ලයි