IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


හෝර්ටන්තැන්නෙන් සත්ව-ශාක කොටස් ගෙනයාමට තැත්කළ විදේශිකයන් දෙදෙනා රිමාන්ඩ්

(ශාන්ත චන්ද්‍රසිරි)
 
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු ප්‍රදේශ රැසකින්  අල්ලා ගන්නා ලද සතුන්  හා ශාක කොටස් රැසක් රහසේ රැගෙන යාමට තැත් කරන  ලද නඩුවට අදාල විදේශිකයන් දෙදෙනා ඇප කොන්දේසි සපුරා නොතිබීම හේතුවෙන් ඇප කොන්දේසි සපුරාලනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද  (25) නියෝග කළේය.
 
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ  රුසියානු ජාතිකයන් දෙදෙනෙකි.
 
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය, සීගිරිය, දඹුල්ල, හබරණ, යාල, ගිනිගත්හේන, යාපනය ආදී මෙරට ස්ථාන රැසකින් එකතු කර ගන්නා ලද  දැනට මෙරටින් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති කටුස්සන්, ගෝනුස්සන්, ගෙම්බන්, හුනන්, ගොළුබෙල්ලන්, මකුළුවන්, සර්පයන්, සමනලයන්  ඇතුළු සත්ත්ව විශේෂ 23 ට අයත්  සතුන්  550 කු හා ශාක වර්ගවල කොටස් විශාල ප්‍රමාණයක් මෙම විදේශිකයන් දෙදෙනා විසින් විශේෂ බහාලුම්වල බහා නුවරඑළියේ සංචාරක නවාතැන් පොලක සඟවා තිබියදී හෝර්ටන්තැන්න ජාතික  වනෝද්‍යානයේ  නිලධාරීන් විසින් සොයාගෙන ඔවුන්  අත්අඩංගුවට ගෙන පසුගිය මාර්තු මස 03 දින අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබිණි.
 
මෙම සිද්ධියට සම්බන්ධ රුසියානු ජාතික විදේශිකයන් තිදෙනොගෙන් එක් අයෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි බව විදේශිකයන්  වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ චන්දන පෙරේරා මහතා මෙහිදී අධිකරණයට  දැනුම් දෙන ලදි.
 
මෙම නඩුව සම්බන්ධයෙන් සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී. එම්. පී. කේ. ප්‍රදීප් කුමාර මහතා කරුණු දක්වමින් අධිකරණයට  පැවැසීය.
 
ජුලී මස 02 දින යළි මෙම නඩුව කැඳවීමටත්, එදිනට  සංශෝධිත චෝදනා පත්‍රය ගොනු කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්  මහේස්ත්‍රාත්වරයා මෙහෙදී වැඩිදුරටත් නියෝග කලේය.
 
හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු පී. එම්. පී. කේ. ප්‍රදීප් කුමාර, නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, වනසත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ, වනසත්ත්ව නියාමක ප්‍රියදර්ශණ, කේෂ්ත්‍ර සහායක උදය කුමාර, රියදුරු එස්. චන්ද්‍රලාල් යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට විදේශිකයන් තිදෙනා, සතුන් හා අනෙකුත් භාණ්ඩ අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
 
රුසියානු ජාතික සැකකරුවන් වෙනුවෙන් නීතිඥ  චන්දන පෙරේරා මහතා  පෙනී සිටින ලදි.



අදහස් (0)

හෝර්ටන්තැන්නෙන් සත්ව-ශාක කොටස් ගෙනයාමට තැත්කළ විදේශිකයන් දෙදෙනා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31063 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13202 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 25 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site