IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘හෝමාගම තාක්ෂණ නගරයට එල්ලවන චෝදනා බොරු ලු’

(ඩයනා උදයංගනී)
           
හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතිය හරහා ඉඩම් අක්කර 4000 ක් කොරියානු රජයට හා එරට සමාගම්වලට විකිණීමට යන බවට පළවන අදහස් සම්පූර්ණයෙන් අසත්‍ය බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධ්‍ය වෛද්‍යරත්න මහතා පැවසීය.

හෝමාගම තාක්‍ෂණ නගරයට විරුද්ධව හඬ නගන පිරිස් විසින් එල්ල කරන චෝදනා වන ජනතාව තට්ටු නිවාසවලට ගාල් කිරීම, සිංගප්පූරු ගිවිසුම යටතේ අපද්‍රව්‍ය ගෙනැවිත් දැමීම, නිවාස හදන තුරු නැනෝ තාක්ෂණ ආයතනය මගින් වර්ෂාව ප‍්‍රමාද කිරීම සඳහා අහසට රසායනික ද්‍රව්‍යයක් විද ඇති බවට ආදී සියල්ල තාර්කික භාවයකින් තොර ඒවා බව ද අතිරේක ලේකම්වරයා සඳහන් කළේය. 

අතිරේක ලේකම්වරයා මේ බව පැවසුවේ ‘හෝමාගම තාක්ෂණ නගරයට එරෙහි විරෝධය යථාර්ථයක්ද?’ යන මැයෙන් එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තාක්ෂණ නගර ව්‍යාපෘතිය සලකන්නේ මේ රටේ අනාගත ආර්ථිකය හසුරුවන, ආර්ථිකයේ නව පිම්මක් පනින, මධ්‍යම ආදායම් උගුලෙන් ගැලවී තාක්ෂණය දැනුම, නවෝත්පාදනය පදනම් කර ගත් ආර්ථිකයක් කරා ගමන් කිරීමට ගන්නා උත්සාහයක් බව ද එහිදී අතිරේක ලේකම්වරයා ප‍්‍රකාශ කළේය.

රටට දියුණුව, තාක්ෂණය, සංවර්ධනය එපා කියමින් පෙළපාළි යන එකම රට ශ්‍රී ලංකාව බව ද මාධව වෛද්‍යරත්න මහතා සඳහන් කෙළේය. 

තාක්ෂණ නගර භූමිය තුළ විදේශ ආයෝජන ඇති විය හැකි නමුත් රටේ ඉඩම් විකිණීම සඳහා කොරියානු රජය හෝ සමාගම් සමඟ කිසිදු ගිවිසුමක් අත්සන් කර නැතැයි ද ඔහු ප‍්‍රකාශ කළේය. 

නමුත් තාක්ෂණ නගරය දියුණු කිරීම සඳහා කොරියානු විද්‍යාඥයින් ඇතුළු විශේඥයින්ගේ දැනුම ලබාගැනීම වෙනුවෙන් අවබෝධතා සංදේශයක් අත්සන් කර තිබෙන බව ද ඔහු කීවේය.

එමෙන්ම මේ වෙනුවෙන් මෙතෙක් පවරාගෙන ඇත්තේ අක්කර 200 ක් පමණ වන අතර ඉදිරියේදී තවත් අක්කර 250 ක් පවරා ගැනීමට නියමිත බවත් කී ඒ මහතා ඉන් බහුතරය ජනතාව පදිංචි ඉඩම් නොවන බව ද පැවසීය.

එහි ඇති කිසිම නිවසක් හිමිකරුවන්ට අහිමි නොකරන බව ද අතිරේක ලේකම්වරයා කියා සිටියේය.

එම භූමිය තුළ පරිසරයට හානි වන කර්මාන්තශාලා කිසිවක් ඉදි නොවන බව කී වෛද්‍යරත්න මහතා පර්යේෂණාගාර තුළ නව තාක්ෂණය පිළිබඳ පර්යේෂණ සිදු කිරීම, විශ්ව විද්‍යාල අධ්‍යාපනික පහසුකම් සැලසීම ආදිය පමණක් සිදුවන බව ද කීවේය.

තාක්ෂණ නගර ව්‍යාපෘති අධ්‍යක්ෂ ලාල් පේ‍්‍රමනාත්, එන්.එස්.බී.එම්. හරිත සරසවියේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු රාජ් පේ‍්‍රමදාස, ස්ලිම්ටෙක් ආයතනයේ සුනන්ද ගුණසේකර යන මහත්වරුන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, මොරටුව විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය ඇතුළු ව්‍යාපෘති නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (5)

‘හෝමාගම තාක්ෂණ නගරයට එල්ලවන චෝදනා බොරු ලු’

Perakum Tuesday, 11 September 2018 03:44 PM

මේක අපේ මිනිස්සුන්ගේ හැටියක් තමයි. මොකක් හෝ අලුත් යෝජනාවක් ගේන කොට හොඳ නරක නොබලා විරුද්ධ වෙන එක අපේ සිරිත. මට හිතෙන හැටියට මෙතන පිටිපස්සෙන් දේශපාලන බල වේගයකුත් ඇති පාටයි.

:       1       6

Saman Tuesday, 11 September 2018 11:59 PM

"රටට දියුණුව, තාක්ෂණය, සංවර්ධනය එපා කියමින් පෙළපාළි යන එකම රට ශ්‍රී ලංකාව" - ඇත්තම ඇත්ත.

:       1       0

Saman Wednesday, 12 September 2018 12:04 AM

හැබැයි නැව් නො-එන වරායත්, ගුවන්යානා නො-එන මත්තලත් හදනකොට කවුරුවත් විරුද්ධ වුණේ නැහැනෙ, ඒ මරණ බයට.

:       1       0

tommy Wednesday, 12 September 2018 01:25 AM

මේ අයෝජන සඳහා අවශ්‍ය ගොඩනැගිලි සාදන්නේ අහසේද? මෙවැනි මෝඩ මිනිසුන් සිටින රටක් දියුණු කරන්නේ කෙසේද? කිසිම රජයක් මෙවැනි චෝදනා ගණන් ගත යුතු නැත.

:       1       0

ashan Thursday, 13 September 2018 10:24 AM

අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රථමයෙන් මෙම ප්‍රදේශයේ සබැ තත්වය දැනගන්න ලෙස ඉල්ලාසිටිමි.. මෙතන කිසිම දේශපාලන ප්‍රශ්නයක් නැත. වගකිවුතු කිසිවකු හෝ මෙම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කර නැත.වගකිව යුතු නිලධාරීන්ටද මෙම වැඩසටහන ගැන අදහසක් නැත.එබැවින් ජනතාව බියවීම සාධාරණ නොවන්නේද? තමන්ගේ නිවාස , ව්‍යාපාරික ස්ථාන වල අලුතෙන් ඉදිකිරීමක් හෝ නඩත්තු කටයුත්තක් පවා සිදුකිරීමට ජනතාව බියවී ඇත.මෙම ප්‍රදේශයේ සිදුකිරීමට යන දෙය පිළිබඳ නිවැරදිව සත්‍ය ප්‍රකාශ කල යුතු වන්නේ එනිසාය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28655 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18203 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11120 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 684 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 205 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site