(බුද්ධික කුමාරසිරි)
හෝමාගම නගරයේ ස්ථාන කිහිපයකට වාහනවලින් පැමිණ කුණු දැමූ පුද්ගලයින් 6 දෙනකු අදාළ වාහන ද සමගින් අද (24) අලුයම අත් අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.
හෝමාගම පොලිසියේ පරිසර අංශය හෝමාගම ප‍්‍රාදේශිය සභාවේ සෞඛ්‍ය අංශය එක්ව හෝමාගම නගරයට වාහනවලින් පැමිණ කුණු බැහැර කරන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සඳහා පෙරේදා රාතී‍්‍ර සිට අද අලුයම දක්වා සිදු කළ මෙහෙයුමකදී මෙම පුද්ගලයින් හය දෙනා අදාල වාහන ද සමගින් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
හෝමාගම නගර සීමා මාවතේ කුණු දැමීමට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනකු කුණු බැහැර කිරීමේදී අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර නඩු පැවරීමට කටයුතු කළ බවත්, අද අලුයම අත් අඩංගුවට පත් වාහන අතර තී‍්‍ර රෝද රථ තුනක් සහ වෑන් රථයක් ද වන බවත් එම සැකකරුවන් අතුරුගිරිය සහ හෝමාගම නගර ආශ‍්‍රීතව පදිංචි වයස අවුරුදු 45 ත් 55 ත් අතර පුද්ගලයින් බවත් පොලිසිය පවසයි.
COMMENTS
ඉතාම හොද ක්‍රියාවක්. නීතිය ක්‍රියාත්මක නොකර මේ රට දියුණු කරන්න බෑ, ඒ වගේම මේ මිනිස්සුන්ට කුණු දන්න පහසු වෙන විදිහට ස්ථාන හදල දෙන්න.
හෝමාගම ප්‍රාදේශීය සභාවේ කුණු ගොඩට ගෙනිහින් දෙන කුණු බෑග් එකකට රු. 50ක් දෙන්න ඕන. නැත්නම් අපිට වෙන්නේ කුණුගොඩ උඩින් ගිහින් කුණු ගොඩඇති තැනක දන්න. ගෙදර ලඟට කුණු ට්‍රැක්ටර් එන්නේ නැහැ පාර පටුයි කියලා