(නිමල් අල්ගෙවත්ත)
ගාල්ල කරාපිටිය රෝහලේ ළමා රෝග වාට්ටුවක හඳුනා නොගත් වෛරසයක් නිසා පසුගිය දින කිහිපය තුළ කුඩා දරුවන් පස් දෙනෙකු මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ හේතුව නිසා අසනීප වු තවත් දරුවන් කිහිප දෙනෙකු මේ වන විටත් අදාළ වාට්ටු තුළ සිටින බවයි.
කෙසේ නමුත් අප මේ පිළිබඳව ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය.
පසුගිය දින කිහිපය තුළ දරුවන් 5 දෙනෙකු මියගොස් තියනවා. අපි මුලින් හිතුවේ මේක බැක්ටීරියාවක් කියලා. නමුත් වෛරස් එකක් බවයි දැනට සොයාගෙන තියෙන්නේ. කෙසේ නමුත් මෙහි නමක් තාම අපිට සොයා ගන්න බැරි වෙලා තියනවා. අදත් මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්වුවා.
අදාළ දරුවන්ගේ ලේ සාම්පල් මේ වන විටත් අවශ්‍ය කටයුතු සඳහා කොළඹ යවා තියනවා. තවත් දරුවන් කිහිප දෙනෙකු සිටිනවා අසනීප තත්වයේ පසුවන. දැනට මට මේ සම්බන්ධයෙන් කියන්න පුළුවන් මෙපමණයි. අපි තවම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා.
2025 දෙසැම්බර් මස 04
473
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
466
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හඳුනා නොගත් වෛරසයකින් දරුවන් 5 ක් මරුට