( රංජිත් රාජපක්ෂ )
තේ වත්තක මන්දක් අටවා හදුන් දිවියෙකු ඝාතනය කර මස් අලෙවි කරමින් සිටි අයෙක් අද (09) අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
සැකකරු විසින් තේ වතු වල සැරිසරන හදුන් දිවියෙකු මන්දක් අටවා අල්ලා ඝාතනය කර මස් කර වතු කම්කරුවන්ට අලෙවි කරමින් සිටින බවට ලද තොරතුරක් මත නොර්වුඩ් පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඝාතනය කරන ලද හදුන් දිවියාගේ මස් විශාල ප්‍රමාණයක් අලෙවි කර තිබු බව පොලිසිය සඳහන් කළේය.
ඝාතනය කරන ලද හදුන් දිවියාගේ හිස , පාද සහ සම සැකකරු විසින් ඔහුගේ ගෙවත්තේ වළ දමා තිබියදි පොලිසිය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd