(රංජිත් රාජපක්ෂ)
හැටන් ලංගම ඩිපෝව මගින් මිල දී ගත් බස් රථ පහක් එම ඩිපෝවේ නිලධාරීන් වෙත බාරදීම ප්‍රවහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) සිදුකෙරිණි.
නරාහේන්පිට ලංකා ගමනා ගමන මූලස්ථානයේදී නව බස් රථ පහ නිල වශයෙන් අමාත්‍යවරයා හැටන් ලංගම ඩිපෝවේ නිලධාරීන්ට බාර දෙනු ලැබීය.
මෙම නව බස් රථ වල ජි.පි.එස් තාක්ෂණික උපකරණ සවි කර ඇති අතර මෙම බස් රථ පාරිසරික හිතකාමීව නව තාක්ෂණයෙන් යුතුව නිෂ්පාදනය කර ඇත.
එම බස් රථ හැටන් සිට පොඩයිස් හරහා ඩයගම , හැටන් ඕල්ටන් සාමිමලේ , තලවකැලේ රහන්වත්ත , මඩකුඹුර , කලවැල්දෙණිය යන ප්‍රදේශවලට ධාවන කටයුතු සඳහා යොදවන බව එම ඩිපෝවේ කළමණාකාර අනුර දොඩම්තැන්න මහතා පැවැසීය.
මෙම බස් රථ ලබා දීමේ අවස්ථාවට ප්‍රවහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ජි.එස්.විතානගේ , ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සහ හැටන් ලංගම ඩිපෝවේ නිලධාරින් සහභගි වූහ.


COMMENTS
බස්රථ මිල දී අරන් තියෙන්නේ හැටන් ලංගම ඩිපෝ එකේ සල්ලි වලින්. එව්වා දෙන්න යන්නේ හැටන් ඩිපෝ එකේ නිලධාරීන්ට සහ රියදුරු මහත්වරුන්ට. මේ කොහෙද යන ඇමති කෙනෙක් ඒකට මැදට පැනලා උත්සවයක් තියලා බස් ගන්න ගිය ගාන වගේ දෙගුණයක් වියදම් කරලා ලකුණු දාගන්න හදනවා. අම්මපා මේ රටට කවදානම් හරියයිද?