IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


හක් බෙල්ලන් ළඟ තබා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

හම්බන්තොට, කහදා මෝදර ප්‍රදේශයේදී හක් බෙල්ලන් ළඟ තබා ගත් පුද්ගලයෙකු  අත්අඩංගුවට අත්අඩංගුවට  ගෙන තිබේ.
 
කලමැටිය වනජිවි අඩවි ආරක්‍ෂක කාර්යාලයට අනුයුක්ත නිලධාරින් පිරිසක්  සහ නාවික හමුදාව අද  (07) කළ වැටලීමකදී  මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබි විවිධ වර්ගයේ හක් බෙල්ලන් 184 ක් සොයා ගෙන ඇති අතර, ඒවා අවසර පත්‍ර නොමැතිව  නීති විරෝධී ලෙස නිවසේ තබාගෙන සිටියදි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයා හම්බන්තොට, කහදා මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 49 ක් වන පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් හක් බෙල්ලන් සහ පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු වනජිවි අඩවි ආරක්‍ෂක කාර්යාලය මඟින් සිදු කරනු ලබයි.

(36698)



අදහස් (2)

හක් බෙල්ලන් ළඟ තබා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

ලුම්බිණි Monday, 08 April 2019 03:27 AM

හක් බෙල්ලන්ගේ කටු මුහුදු වෙරළේදී හම්බු වෙනවා. ඒවා ළඟ තබා ගැනීම වරදක්ද?

:       0       0

Sapumal. Wednesday, 10 April 2019 09:09 AM

මෙවැනි බෙලිකටු ඕනෑතරම් වෙරළවල් වල තියෙනවා.ඒවා හැමෝටම වැදගත් නැහැ. ඒත්,වමට කැරකුණ ඒවාට විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා අහිංසක මිනිස්සු මුහුදේ කිමිදිලා මේවා ගේනවා. ඇයි මේ බෙලිකටුවට පමණක් මේ අපුරු නීතිය. එතකොට කකුළු කටු, පොකිරිස්සන්ගේ කටු වලට කිසිම දඬුවමක් නැහැ. ඒවාත් වමට කැරකිලා තිබුණානම් බලන්න තිබුණා වැඩේ. මිනිසුන් දහසක් ප්‍රශ්න මැද කීයක් හරි හොයාගන්න දඟලනකොට ඒ මනුස්සයා විනාශකර දානවා. මෙතන තියෙන්නේ කුහක කමයි. දඩ වලින් ලැබෙන කොටස ගැනීමට මෙසේ අවිචාරවත් අයුරින් කටයුතු කිරීම හොඳ නැහැ. කීයක් හරි හොයාගෙන ජීවත්වෙන්නේ අපේම මිනිසුන් නේද කියා හිතන්න තරම් කාරුණිකත්වයක් සමහර අයට නැහැ.

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1193 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1188 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 437 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site