IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


හක්කපටස් පුපුරා යාමෙන් අලියකු මරුට

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව පලාගල ප්‍රදේශයේ අස්වනු නෙලීමට ආසන්නව තිබූ වගාබිමක මිය ගොස් සිටි වල් අලියෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) පස්වරුවේ වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය පශු වෛද්‍ය ඉසුරු හේවා කෝට්ටගේ මහතා විසින් පවත්වනු ලැබීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ කලාවැව ජාතික උද්‍යානයේ අලි රංචුවේ සිටි වයස අවුරුදු 15ක් පමණ වන අලියෙකි.

හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් ඒම අලියා මිය ගොස් ඇති බව පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී පශු වෛද්‍යවරයා විසින් නිගමනය කරනු ලැබීය.

අලියා මිය ගොස් සිටියේ අස්වනු නෙලීමට ආසන්නයේ පැවැති ඒම වගා බිම මැද නිසා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා එම අලියාගේ සිරුර වෙනත් ස්ථානයක් වෙත රැගෙන යාමට සිදුව තිබිණි.

කෙසේ වෙතත් වගා බිමේ හිමිකරුවන්ට ඉන් සිදුවිය හැකි හානිය අවම කර ගැනීම සදහා වගා බිම් හිමිකරුවෝ ඉදිරිපත්ව ඒම වගා බිමේ තිබූ අස්වනු පීදී නිම වූ ගොයම් කපා ඉවත් කර ගැනීමට කටයුතු කළහ.

ඒ අනුව ගොයම් සහිත කුඹුරු යාය මැදින් ගොයම් කපා ඉවත් කර සකසා ගත් මාර්ගයක් ඔස්සේ අලියාගේ සිරුර තිබූ ස්ථානය දක්වා ජේසීබී යන්ත්‍රයක් රැගෙන ගොස් ජේසීබී යන්ත්‍රය ආධාරයෙන් ඒම අලියාගේ සිරුර වගා බිමෙන් පිටතට ගැනීම සිදුකෙරිණි.

එතැන් පටන් එම අලියාගේ සිරුර ජේසීබී යන්ත්‍රය ආධාරයෙන් ඔසවාගෙන කලාවැව ගලේවෙල ප්‍රධාන මාර්ගය ඔස්සේ ගෝණදෙණියාගම බෙල්ලන්කඩවල වැව් ඉස්මත්ත තෙක් රැගෙන යාමට වනජීවී නිලධාරීන්ට සිදුව තිබිණි. වනජීවී පශු වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ඒම අලි සිරුර ප්‍රවාහනය කිරීම සිදුකෙරිණි. ජේසීබී යන්ත්‍රය ආධාරයෙන් ඒම අලි සිරුර ප්‍රවාහනය කරන අවස්ථාවේ ඒම දුර්ලභ සිද්ධිය දැකබලා ගැනීමට ප්‍රදේශවාසීන්ද මාර්ගයේ ගමන්ගත් පිරිස් ද එක්ව සිටියහ.

ගෝණදෙණියාගම බෙල්ලන්කඩවල වැව් ඉස්මත්තේ දී ඒම අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් පසුව ඒම සිරුර ඒ වැව් ඉස්මත්තේදී මිහිදන් කෙරිණි.

දින 5ක් තුල කලාවැවේ අලි රංචුවේ සිට හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් මිය ගිය දෙවන අලියා වීමද විශේෂත්වයකි.

  



අදහස් (0)

හක්කපටස් පුපුරා යාමෙන් අලියකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 64 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 901 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2526 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site