(දයාරත්න ඇඹෝගම)
සිය සොහොයුරියන් දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදි තුවාල සිදුකලේ යැයි කියන නාවික හමුදා භටයෙකු අද (31)දින අත් අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර අබේපුර පදිංචි නාවික හමුදා භටයෙකි.
මොහු නාවික හමුදාවේ කොළඹ ප්‍රදේශයේ කඳවුරකට අනුයුක්තව සේවය කරයි.
අනුරාධපුර අබේපුර පිහිටි සිය මහගෙදරට පැමිණ සොයුරියන් දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී ඇතැයි පොලිසිය කියයි.
මෙම පහරදීමෙන් එක් සොයුරියක් කැපුම් තුවාල ලබා ප්‍රතිකාර පිණිස අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර නාවික හමුදා භටයාගේ මව විසින් අනුරාධපුර මුලස්ථාන පොලිසියට සිදුකළ පැමිණිල්ල මත මෙම සැකකාර නාවික හමුදා භටයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සිය සොයුරියන්ට පහරදිමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත. සැකකරු අද (31)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd