(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර නගරයේ උපකාරක පංති සඳහා සහභාගීවීමට පැමිණි සිසුවෙකුගෙන් රුපියල් 2,000ක කප්පම් මුදලක් ලබාගත් පුද්ගලයෙකු අද(16) අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නෙළුබැව ප්‍රදේශයේ පදිංචි 28හැවිරිදි පුද්ගලයෙකි.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු සහ ඔවුන් පැමිණි යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයිද පොලිසිය පවසයි.
උපකාරක පංති සඳහා අනුරාධපුර නගරයට පැමිණෙන ගම්බද සිසුන් බිය ගන්වා ඔවුන් සතු මුදල් පැහැර ගන්නා පිරිසක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත මෙම සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද(16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd