IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


සංවර්ධනය වෙමින් තිබෙන රටවල පවුල් සැලසුම ගැන එක්සත් ජාතීන්ගේ උනන්දුව

( තිළිණි ද සිල්වා )
 
සංවර්ධනය වෙමින් තිබෙන රටවල මිලියන 214ක් කාන්තාවන්ට තවමත් සුරක්ෂිත හා කාර්යක්ෂම පවුල් සැලසුම් ක්‍ර‍මවල අඩුවක් තිබෙන බවත් , එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සංවර්ධනය වෙමින් පවතින රටවල පවුල් සැලසුම්කරණය සඳහා උපකාර කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ  විධායක අධ්‍යක්ෂ ආචාර්ය නටාලියා කැනෙම් මහත්මිය පවසයි.


එසේම පවුල් සැලසුම මානව හිමිකමක් යැයි එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල  විධායක අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් කියා සිටින්නීය.


හෙටට (11) යෙදී ඇති  ලෝක ජනගහන දින නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇය මේ බව කියා සිටින්නීය.


එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.


‘‘ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල  විධායක අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් කියා සිටින්නේ  ‘දරුවන් ලබන සංඛ්‍යාව හා ඔවුන් අතර පරතරය තීරණය කිරීමේ මූලික හිමිකමක් මව්පියන්ට තිබේ,’ යි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සමුළුව විසින් තීරණය කරනු ලැබුවේ අදින් පනස් වසරකට පෙර 1968 මැයි 13දා ටෙහෙරාන්හිදී ය. 


පවුල් සැලසුම හුදෙක් ම මානව හිමිකම් පිළිබඳ කාරණයක් පමණක් නොවේ. එය කාන්තාවන් බලසතු කිරීම, දිළිඳුකම දුරලීම සහ තිරසාර සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සමග ද සම්බන්ධ ය.


එහෙත්, සංවර්ධනය වෙමින් තිබෙන රටවල මිලියන 214ක් කාන්තාවන්ට තවමත් සුරක්ෂිත හා කාර්යක්ෂම පවුල් සැලසුම් ක්‍ර‍මවල අඩුවක් තිබේ. ඒ පිළිබ‍ඳ තොරතුරු මඳකමේ සිට ඔවුන්ගේ සැමියන් හෝ එකට ජීවත් වන්නන් හෝ ප්‍ර‍ජාව හෝ දක්වන සහයෝගයේ මඳකම දක්වා විවිධාකාර හේතු රැසක් එය පසුබිමේ තිබේ. මේ නිසා ඔවුන්ට තමන්, තම පවුල හා ප්‍ර‍ජාව වෙනුවෙන් වඩා යහපත් අනාගතයක් නිර්මානය කරගැනීමේ හැකියාවට තර්ජනයක් ඇති වේ. 


එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සංවර්ධනය වෙමින් පවතින රටවල පවුල් සැලසුම්කරණය සඳහා උපකාර කරයි. ඒ වෙනුවෙන් නවීන උපත්පාලන ක්‍ර‍ම විශ්වාසදායී ලෙස සැපයීම, ජාතික සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව ප්‍ර‍වර්ධනය කිරීම සිදු කරනු ලැබේ. 


පවුලක් සැලසුම් කිරීමට පුද්ගලයන්ට තිබෙන හිමිකම්, විශේෂයෙන් ම කාන්තාවන්ට තිබෙන හිමිකම් හිමිකම් තහවුරු කිරීමට රාජ්‍යයන් දරණ උත්සාහයන්ට උපකාර කිරීමට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ඇපකැප වී සිටියි.  2030 වන විට, සංවර්ධනය වෙමින් තිබෙන සියලු රටවල ස්වේච්ඡා පවුල් සැලසුම් අවශ්‍යතා සම්බන්ධ සේවා සැපයීමේ අඩුපාඩු මගහැරීමට අපි උත්සාහ කරන්නෙමු. එහෙත්, අපට මෙය තනිව කළ නොහැකි ය. ආණ්ඩු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පෞද්ගලික අංශය හා සිවිල් සමාජය ඒ සඳහා අත්වැල් බැඳගත යුතු ය.

 

ආරම්භයක් ලෙස සංවර්ධනය වෙමින් පවතින රටවලට ගෝලීය පවුල් සැලසුම් අරමුදල් පරතරය පියවීමට එක් පුද්ගලයකු වෙනුවෙන් වසරකට ශ්‍රී ලංකා රුපියල් 30ක් වැනි සුළු මුදලක් වෙන් කළ හැකි ය. එයින් පවුල්වලට, සමාජයට සහ ජාතීන්ට ලැබෙන ප්‍ර‍තිලාභය සලකා බැලූ විට, එය ලෝකයේ අනාගතය සම්බන්ධයෙන් මූලෝපායික සහ ප්‍රායෝගික ආයෝජනයකි. 


මෙම ලෝක ජනගහන දිනයේ, ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යාරක්ෂාව සහ ප්‍ර‍ජනන හිමිකම් වෙත සිය ඇපකැපවීම සපුරාලන ලෙස එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල රජයන්ගෙන් ඉල්ලා සිටියි. එයට පවුල් සැලසුම් සේවා සහ ඒ පිළිබඳ තොරතුරු ද ඇතුළත් වේ. එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍ය 1994දී පැවැත්වුණු ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදීත්, තිරසාර සංවර්ධනය සඳහා 2030 න්‍යාය පත්‍රයේදීත් මේ සඳහා එකඟත්වය පළ කළහ.

පවුල් සැලසුම සඳහා ආයෝජන යනු අනාගත පරම්පරා ගණනාවක මිලියන ගණනක් කාන්තාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් කරනු ලබන ආයෝජන වේ. 



අදහස් (0)

සංවර්ධනය වෙමින් තිබෙන රටවල පවුල් සැලසුම ගැන එක්සත් ජාතීන්ගේ උනන්දුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1349 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site