IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සරසවි සිසුවාගේ මරණයට පරීක්ෂණ කරන්න බලධරයන්ට නියෝග දෙන්න’යි ඉල්ලීමක්

පුෂ්පකුමාර ජයරත්න

නවකවධය දරාගත නොහැකිව ගෙළ වැළලාගෙන සියදිවි නසාගත් මොරටු සරසවි ශිෂ්‍යයාගේ මරණයට වගකිවයුතු සැකකරුවන් අනාවරණය කර ගැනීමට සහ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කරගැනීමට අවශ්‍ය පරීක්ෂණ පැවැත්වීම සඳහා  අදාළ බලධාරින්ට නියෝගයක් ලබාදෙන ලෙස කුරුණෑගල අධිකරණයේ කටයුතු කරන නීතිඥවරයකු වන පියුමාල් හේරත් මහතා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ සම්බන්ධයෙන්වූ අදාළ ඉල්ලීම පියුමාල් හේරත් මහතා ලිඛිතව කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා වෙත යොමුකර ඇත .

පසුගිය මර්තු මස 31 දා සිය නිවසේදී සියදිවි හානිකරගත් ශනිල්ක දිල්ෂාන් විජේසිංහ ශිෂ්‍යයා එසේ සියදිවි හානිකර ගැනීමට පෙර තමන් මෙසේ සියදිවි නසා ගැනීමට හේතුව ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් වෙතින් දැඩි ලෙස නවකවදයට ගොදුරු වීම නිසා බවට මෙම සිද්ධියට අදාළ සියලුම තොරතුරු අනාවරණය කරමින් තම මව වෙත ලිපියක් ලියා ඇතැයි වාර්තා වී ඇති බව නීතිඥ හේරත් මහතා තම ලිපියෙන් පෙන්වාදී ඇත .

උග්‍ර නවකවදය හේතුවෙන් ඇතිවූ මානසික රෝගි තත්ත්වයකට හා මානසික පීඩනයකට පත්ව ඒ සඳහා මානසික රෝග වෛද්‍යවරයකුගෙන් පවා ප්‍රතිකාර පවා ලබාගෙන ඇති බවද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මෙම මරණයට හේතුව උග්‍ර නවකවදය බව පැහැදිලිවම අනාවරණය වී ඇති බවද තම ලිපිය මඟින් කියා සිටියි.

 



අදහස් (0)

සරසවි සිසුවාගේ මරණයට පරීක්ෂණ කරන්න බලධරයන්ට නියෝග දෙන්න’යි ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site