(නිශාන්ත කුමාර)
දුන්හිද දියඇල්ලට ප්‍රතිවිරුද්ධ දෙසින් පිහිටි සොරණාතොට කඳුවැටියේ අද (04) ගිනිගැනීමෙන් අක්කර 20කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
අද පෙරවරු 9.00 ට පමණ ආරම්භ වී ඇති ගින්න පස්වරු 1.00 පමන වන විටත් පැතිරයමින් පවතින බව ඔවුහු කියති.
දඩයමේ ගිය පිරිසක් විසින් ගින්න තබන්නට ඇතැයිද ඔහුවුහු සැක කරති.
ගින්නෙන් විනාශ වී ඇති ප්‍රදේශය රජයේ රක්ෂිතයක් වන අතර එය ජල උල්පත්, වටිනා ගහකොළ මෙන්ම වන සතුන්ගෙන් බහුල ප්‍රදේශයක් බවද පැවසේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd