IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සොරණාතොටටට සුළඟින් හානි

(නිශාන්ත කුමාර )

සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දික්පිටිය, අඹගහවෙල  හා පුස්සැල්ලාව ගම්මාන හරහා හමා ගිය තද සුළඟ හේතුවෙන් එම කොට්ඨාසයේ එක් නිවසක් මතට ගසක් කඩා වැටී ඇති අතර තවත් නිවාස 4ක වහල ගැලවී ගොස් ඇතැයි සොරණාතොට ප්‍රාදේශීය ලේකම් එච්. එම්. නන්දසේන මහතා  පැවැසීය.

සුළගින් සිදුවූ මෙම අනතුරු සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා නිලධාරී කණ්ඩායමක් අද උදෑසන එම ප්‍රදේශවලට පිටත්කර යැවූ බවද ප්‍රාදේශීය ලේකම්වරයා පැවැසිය.

සොරණාතොට දික්පිටිය ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් එම නිවසට හානි සිදුව ඇති අතර නිවැසියන් වෙනත් ස්ථානයකට පිටත් කරවීමට කටයුතු කළ බවද ප්‍රාදේශීය ලේකම්වරයා කීය.

විටින් විට හමා ගිය සුළං හේතුවෙන් තවත් නිවාස කීපයකට සෙවිලි කර තිබූ සෙවිලි තහඩු කීපයක් සුළගේ ගසාගෙන ගොස් ඇතත් එමගින් බරපතල හානියක් සිදුවී නැතැයිද අද (30 ) දහවල් වන විට එම නිවාස යථා තත්වයට පත් කර ගත හැකිවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

  

 

 



අදහස් (0)

සොරණාතොටටට සුළඟින් හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site