IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


සොරකමේ ගිය අයියා-මලෝ ළමා නිවාසයකට

( ඩී.ජී.සුගතපාල)
 ගාල්ල නගරයට පැමිණෙන පුද්ගලයින්ගේ දේපළ සොරකම් කිරීමෙහි යෙදුණ බාල වයස්කාර අයිය මලෝ   දෙදෙනෙකු  අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන 16 වැනි දින  දක්වා කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ  කැකුණවෙල  අද (02) නියෝග කළේය.

 මෙම දරුවන්  සම්බන්ධයෙන් එදිනට පරිවාස වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

තලාපිටිය ජුම්මා පල්ලියට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බිය සහ ජංගම දුරකතනය සොරකම් කිරිම සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වු පොලිසිය මෙම සැකකාර අයිය මලෝ දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබි සොරකම් කරන දේපල වලින් කොටසක්ද සොයාගෙන ඇත.
 
මෙයට පෙර ගාල්ල කොටුවේ ප්‍රදීපාගාරය අසල මුහුදේ නාමින් සිටි පුද්ගලයින්ගේ මුදල් පසුම්බි සොරකම් කර ඇත්තේ ද මෙම දෙදෙනා බවට අනාවරණයවි ඇති බවද පොලිසිය පවසයි.
 
ඔවුන් සමඟ සොරකම්වලට සම්බන්ධ ඔවුන්ගේ මිතුරෙකුවන තවත් 12 හැවිරිදි සිසුවෙකුද මෙයට පෙර අත් අඩංගුවට ගෙන තිබේ .මෙම .සැකකාර සිසුන් දෙනොගේ මව නොමැති අතර ඔවුන් පියා සමග ජීවත් වන බවද පොලිසිය පවසයි.



අදහස් (0)

සොරකමේ ගිය අයියා-මලෝ ළමා නිවාසයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 163 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site