IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘සයුරළ‘ නෞකාවට විශේෂ ඇගයුමක්‘

පකිස්ථානයේ කරච්චිහිදි පවත්වන ලද  අමාන් (2019) නාවික අභ්‍යාසයට සමගාමීව පැවැත්වුණු ජාත්‍යන්තර ආහාර  ප්‍රදර්ශනයේදී සඳහා ශ්‍රී ලංකා නාවික සයුරළ නෞකාව විශේෂ ඇගයුමකට ලක්  වී තිබේ.
 
ඒ අනුව, ජාත්‍යන්තර ආහාර දැක්ම සඳහා ආහාර කුටියක් නිර්මාණය කිරීමට සයුරළ නෞකා නැව් මුළුව කටයුතු සූදානම්  කර තිබු අතර  ඒ සඳහා රටවල් රැසක් සහභාගි වී සිටියහ.
 
ඒ අතරින් වඩාත් කැපී පෙනෙන ආහාර කුටිය නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සමත් වි තිබේ.
 
එම ආහාර කූටිය සඳහා ශ්‍රී ලංකාට ආවේණිකවූ ආහාර කිහිපයක් සකස් කර තිබූ අතර, එය ආහාර ප්‍රදර්ශනය නැරඹිමට පැමිණි සියලු දෙනාගේ විශේෂ ඇගයුමකට ලක්විය.
 
එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි පකිස්ථානු නාවික හමුදාධිපති, අද්මිරාල් ෂාෆාර් මහමුද් අබ්බාසි මහතා ඇතුළු දෙරටේ ආරක්ෂක නිලධාරිහු ශ්‍රී ලාංකික දේශීය ආහාර රස බැලීමට ද එක් වූහ.
 
මෙම ආහාර ප්‍රදර්ශණය නැරඹිම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා, නාවික අණභාර නිලධාරි (වැලිසර) සහ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අණදෙන නිලධාරි, කොමදෝරු බන්දුල සේනාරත්න මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගිවි සිටියහ.

(36698)

(ඡායාරූප නාවික හමුදා මාධ්‍ය අංශය ) 



අදහස් (0)

‘සයුරළ‘ නෞකාවට විශේෂ ඇගයුමක්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 26 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site