(කවිතා සුබසිංහ)
කිරිබත්ගොඩ, නාහේන පාරේ ත්‍රීරෝද රථයක් තුළ කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ ඝාතනයට ලක් වු පුද්ගලයාගේ බිරිඳ සහ ඇයගේ අනියම් සැමියා ලබන 31 වැනිදා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ලෙස මහර අතිරේක මහේස්ත්‍රාත් පී.එම් අමරසේන මහතා ඊයේ(24) නියෝග කළේය.
ඉකුත් 09 වැනිදා අලුයම කිරිබත්ගොඩ,නාහේන පාරේ ත්‍රීරෝද රථයක් තුළ කැපීම් තුවාල සහිතව තරංග ගුණරත්න(40) නැමැත්තා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්දයෙන් මොවුන් අත්අඩංගුවට ගැනිනි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි අනුෂා හර්ෂනි පෙරේරා සහ 34 හැවිරිදි සම්පත් තරංග නැමැත්තෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd