සිතුම් චතුරංග
වවුනියාව සේමමඩු රක්ෂිතයේ නීතිවිරෝධි අයුරින් බුරුත දැව කපා ප‍්‍රවාහනය කළ කැබ් රථයක් අද (5) වවුනියාව,නොච්චිමොටෙයි, සින්නකුලම ප‍්‍රදේශයේදී වවුනියාව ඕමන්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
නීතිවිරෝධී දැව ජාවාරමක් පිළිබඳ ඕමන්ත පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී බුරුත දැව කඳන් පැටවූ කැබ්රථය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
වැටලීම සිදුකරන අවස්ථාවේ කැබ්රථයේ රියදුරු පලා ගොස් සිටි අතර කැබ් රථයේ තිබූ බුරුත දැව කඳන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහකට අධික බවද සඳහන් කළේය.
සැකකරුවන් විසින් සේමමඩු රක්ෂිතයෙන් කපන ලද බුරුත දැව කදන් කැබ් රථයක පටවා වවුනියාවේ ස්ථානයක් වෙත රැගෙනවිත් රහසිගත අයුරින් යාපනය ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කරන බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය කියයි.
දීර්ඝ කාලයක සිට රක්ෂිත තුළින් බුරුත ගස් කපා ජාවාරම්කරුවන් නීතිවිරෝධී ලෙස දැව ප‍්‍රවාහනය කර ඇති බවද කීය.
2025 නොවැම්බර් මස 21
45
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
152
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1006
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සේමමඩු රක්ෂිතයේ බුරුත දැව ජාවාරමක් වටලයි