
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කළු පාලම අසලදී සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් අද(25) අලුයම ඇළකට පෙරළී එහි රියදුරු මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
දඹුල්ල දෙසින් කොළඹ දෙසට මෙම ලොරි රථය ධාවනය වෙමින් තිබියදී මාර්ගයෙන් ඉවතට පැන කළු පාලමේ බැම්ම ඇදීගොස් සිමෙන්ති සමගම ලොරි රථය ඇළට පෙරළී තිබූ බව පොලිසිය කියයි. පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පැමිණ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව පැය 4ක පමණ මෙහෙයුමකින් පසුව රථය ගොඩගත් බව පොලිසිය කියයි.
ලොරි රථය පැදවූ රියදුරා දැඩි පරිශ්‍රමයක් දරමින් ලොරි රථයෙන් එළියට ගන්නා විටත් මිය ගොස් තිබූ බව පොලීසිය සඳහන් කළේය.මියගොස් ඇත්තේ ජි .ආර්. චන්ද්‍රරත්න බණ්ඩාර නැමැති අයෙකු බව හඳුනාගෙන තිබේ.මියගිය පුද්ගලයා මානියංගම අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවද පොලිසිය සඳහන් කළේය.
අනතුරට හේතුව රියදුරුට නින්ද යෑම හෝ රථය පාලනය කර ගැනීමට නොහැකි වීම විය හැකි යැයි පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd