(බිඟුන් මේනක ගමගේ)
සමෘද්ධි නිලධාරීන්ට හිමි ගමන් වියදම් දීමනාව හා කාර්යාල දීමනාව මාස ගණනක් තිස්සේ ලබා නොදීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සේවය කරන සමෘද්ධි කළමණාකරුවන් ඇතුලූ සමෘද්ධි සේවකයින් හට ගෙවීය යුතු මාසික ගමන් වියදම් දීමනාව මාස හතරක් තිස්සේ ද සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හට කාර්යාලයක් පවත්වාගෙන යාම වෙනුවෙන් හිමි රුපියල් පන්සීයේ කාර්යාල දීමනාව මෙම වසර පුරාවටම ද ලබා දී නැතැයි එහ ලේකම් චාමර මද්දුමකළුගේ මහතා පවසයි.
2017 වසරට ගෙවීමට අනුමත වු කාර්යාල දීමනා සඳහා වු හිග මුදල් සමගින් අදාල ගෙවීම් කිරීමට රුපියල් ලක්ෂ 2800 ක් මුදලක් අවශ්‍ය වුවත් මෙතෙක් කිසිදු මුදලක් ඒ වෙනුවෙන් ලබා දී නැතැයි කී හෙතෙම අදාළ ගෙවීම් සඳහා අයවැයෙන් වෙන් වු මුදල් පවා මහාභාණ්ඩාගාරය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලබා දී නැතැයි චෝදනා කළේය.
පැවති ආණ්ඩු සමයේද සමෘද්ධි සේවකයින් හට මෙම ගැටලූව පැවතියේ යැයි ද එම ගැටලු විසඳන බවට පොරොන්දු දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව ද මැති ඇමැති වැටුප් වැඩිකරගනිමින් පැරැණි පාරේම යමින් සිටින්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
2025 නොවැම්බර් මස 04
392
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2172
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1649
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සමෘද්ධි නිලධාරීන්ගේ දීමනා මාස ගණනකින් ගෙවලා නෑ