(ළහිරු හර්ෂණ)
රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික් 3220හි අධිපති ලෙස සෙබස්තියන් කරුණාකරන් මහතා එම ධූරයේ වැඩ ආරම්භ කිරීම හා ආශිර්වාද ගැනීම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී අද (1) සිදුකෙරිණි.
ගංගාරාම විහාරාධිකාරී කිරින්දේ අස්සජී හිමියන් විසින් සෙබස්තියන් මහතාගේ හිස මත සදාතුක කරඩුව තබා ආශිර්වාද කරන ලදී.
ඒ මහතා රාජකාරී ආරම්භ කිරීමෙන් පසුව කොස් පැළයක් රෝපණය කර ඇත.
දරුවන්ට ගීත තුළින් ආචාර ධර්ම හුරුකරවීමේ අරමුණින් නිෂ්පාදනය කළ ගී තැටියක් සෙබස්තියන් කරුණාකරන් මහතා විසින් ගංගාරාම විහාරාධිකාරී කිරින්දේ අස්සජී හිමියන්ට පරිත්‍යාග කනර ලදී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd