(වසන්ත චන්ද්‍රපාල සහ නවරත්න සමරතුංග)
සේනා දළඹුවාගෙන් වගා හානිවූ බඩ ඉරිඟු ගොවීන් පිරිසක් අද (11) බඩඉරිඟු අක්කරයක් සඳහා වගා වන්දිය රුපියල් 75,000ක් ලබාදෙන ලෙස හා තවත් ඉල්ලීම් කීපයක් මුල් කරගෙන රජයට බල කරමින් අම්පාර දිසා ලේකම් කාර්යාලය ඉදිරියේදී උද්ඝෝෂණයක නිරත වූහ.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මගින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට දමන සහ නාමල්ඔය ප‍්‍රදේශවලින් පැමිණි ගොවීහු එක්ව සිටියහ.
අම්පාර ප‍්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට සිට ඔවුහු සිය ඉල්ලීම් සඳහන් බැනරයක් ද පෙරටු කරගෙන පාගමනින් ඉල්ලීම් සහිත පුවරු අතැතිව දිසාලේකම් කාර්යාලය ඉදිරියට පැමිණියහ.
එහිදී ආරක්ෂක හේතූන් මත දිසාලේකම් කාර්යාලයට පිවිසෙන ප‍්‍රධාන ගේට්ටුව වසා දමා එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා තිබිණ.
ඡායාරූප - නවරත්න සමරතුංග



COMMENTS
මදුෂ් නාටකය ඉවර වෙනකන් ඉන්න වෙනවා පොඩ්ඩක්. මොකද මදුෂ් ට සම්බන්ද කට්ටියගේ ඉහ මොළ රත් වෙලා තියෙන්නේ මේ දවස් වල.
ගොවීන් වගා රක්ෂණ වලට උනන්දු කලයුතුයි. බදු මුදල් ගෙවන අපි මේවට ගෙවිය යුතුද? මෙවැනි ආධාර බෙදාදී, දේශපාලකයන් ඡන්ද ගැනීමට අහිංසක ජනතාව අන්දනවා ඇති.