IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘සේනා’ කෘෂි අපනයන බෝගවලටත් යාමේ අවදානමක්

(මොහොමඩ් ආසික්) 
 
කෘෂි බෝග රැසකට හානි කරමින් රට පුරා ව්‍යාප්ත  වෙමින් පවතින  සේනා දළඹුවාගේ හානිය අපනයන කෘෂි බෝගවලටද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී. හීන්දෙන්ද මහතා ප්‍රකාශ කරයි.
 
අද (24) මාධ්‍ය  වෙත අදහස් දක්වමින් අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ කීය.
 
"දැනට බඩ ඉරිඟු ඇතුළු බෝග රැසකට හානි කරන සේනා දළඹුවාගේ හානිය තවමත් අපනයන කෘෂි බෝගවලට මෙරටින් වාර්තා වී නොමැති වුවත් වෙනත් රටවල්  දෙස බලන විට  ඇතැම් අපනයන කෘෂි බෝගවලටද මෙම දළඹුවා හානි  කර ඇති බව  දක්නට ලැබෙන ලැබනවා.
 
අපේ රටෙත් ඉගුරු, බුලත්, කහ සහ කරඳමුංගු වැනි අපනයන බෝගවලට මෙම සේනා දළඹුවාගෙන් අනතුරුදායක තතවයක් මතුව ඇති බැවින් ගොවීන් වඩාත් සැළකිල්ලෙන් තම වගාවන් නිරීක්ෂණය කළ යුතුයි.  යම් සැක කටයුතු  දළඹුවෙකු හෝ ඒ හා සමාන සතෙකු  දක්නට ලැබුණ හොත් වහාම තම දෙපාර්තමේන්තුවට හෝ තමනට පෞද්ගලිකව දන්වන්න" යැයි  අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී. හීන්කෙන්ද මහතා තව දුරටත් ඉල්ලීමක්  කළේය.
 



අදහස් (0)

‘සේනා’ කෘෂි අපනයන බෝගවලටත් යාමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 12 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site