(ජයන්ත සමරකෝන්)
සන්නද්ධ සේවා විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවය සකස් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලැබී නැතැයි කියමින් එම වැටුප් සකස්කිරීම ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අත්හිටුවා ඇතැයි එම විශ්‍රාමිකයෝ චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 1/2019 සහ 2019-06-11 චක්‍රලේඛයේ අවශ්‍ය උපදෙස් සඳහන් නොවන බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවක සේවිකාවන් සඳහන් කරන බවද ඔවුහු පෙන්වාදෙති.
මේ පිළිබඳව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ, සන්නද්ධ හමුදා විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා සකස්කිරීම 1/2019 චක්‍රලේඛය අනුව සිදුකළ යුතු බවය.
ඒ සඳහා අමුතුවෙන් උපදෙස් ලබාදීම අවශ්‍ය නැතැයිද ඔහු සඳහන් කළේය.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ පනාගොඩ පිහිටි වැටුප් හා ලේඛන කාර්යාලය යුද හමුදා විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා සකස් කළ යුතු ආකාරය පිළිබඳව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවය දැනුම් දී ඇති බවය.
මෙම කඹ ඇදිල්ලෙන් සන්නද්ධ හමුදා සාමාජිකයින් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් දැඩි පීඩාවට පත්ව සිටින බවද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
392
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සන්නද්ධ සේවා විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව සකස් කර නැහැ