(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල මහා නගර සභාව මගින් පාලනය වන සුන්දරාපොළ කසළ කන්දේ අද (29) පෙරවරුවේ සිට හටගෙන ඇති ගින්නක් මැඩ පැවැත්වීමට කුරුණෑගල මහා නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව දැඩි උත්සාහයක යෙදී සිටිති.
මේ දිනවල කුරුණෑගලට පවතින අධික උෂ්ණත්වය සහ කසල කන්දේ එක්රැස්වී ඇති මීතේන් වායුව හේතුවෙන් මෙම ගින්න ඇතිවන්නට ඇතැයි සැකකරන අතර ආරම්භයේ ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස පැතිර යමින් තිබූ ගින්න මේ වනවිට යම් පාලනයකට ලක්කිරීමට හැකිව ඇති බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා පැවසීය.
කසල කළමනාකරණ මධ්‍යස්ථානය තුළ පිහිටි කාබනික පොහොර සකස් කරන ඒකකයටද ගින්නෙන් සිදු වීමට ගිය හානිය වළක්වා ගැනීමට හැකිවී තිබෙන අතර, ඉදිරියේදී ගින්න නැවත පැතිර ගියහොත් ගින්න පාලනයට ගුවන් හමුදාවේ සහ යුද හමුදාවේ සහාය ලබා ගන්නා බවද නගරාධිපතිවරයා පැවසීය.



2025 දෙසැම්බර් මස 04
20
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුන්දරාපොළ කසළ කන්දේ ගින්නක්