IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


සෙට්ටිකුලම් හි වැලි ජාවාරමක් වටලා 5 ක් අත්අඩංගුවට


 
 
රොමේෂ් මධුෂංඛ
 
වව්නියාව සේට්ටිකුලම් ප්‍රදේශයේ කලක සිට ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධි මහාපරිමාණ වැලි ජාවාරමක් වටලා සැකකරුවන් පස් දෙනකු අද (27) අත්අඩංගුවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.


බලපත්‍ර රහිතව කලක සිට ඉතා රහසිගතව පවත්වාගෙන ගොස් ඇති මෙම වැලි ජාවාරම පිළිබඳව සෙට්ටිකුලම් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින්  වැලි ප්‍රවාහනය කෙරෙන මාර්ගයේ රැකවල් යොදා සිටියදී මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


එහිදී වැලි ජාවාරමේ නිරත වූ සැකකරුවන් 5 දෙනෙකු සහ වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථ 2 ක් , ට්‍රැක්ටර් 3 ක් පොලිස් බාරයට ගෙන තිබේ.


මෙම නීතිවිරෝධි වැලි ජාවාරම කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හා වාහන තොගය ද සමඟ වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතය.
 



අදහස් (0)

සෙට්ටිකුලම් හි වැලි ජාවාරමක් වටලා 5 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 162 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 233 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1103 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site