(චන්දන ප්‍රනාන්දු)
විවිධ ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් වී නැවත අධිකරණයට ඉදිරිපත් නොවී සැඟව සිටි වරෙන්තුකරුවන් 5 දෙනෙක් ඊයේ (4) අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිරිගම්පල,ලුණුවිල හා කිරිමැටියාන යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
නීති විරෝධි කසිප්පු ජාවාරම් නඩත්තු මුදල් නොගෙවීම හා අපරාධ සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබු බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයන් මාස 6 ක් හා 3 ක් අතර කාලයක් මෙලෙස අධිකරණය මඟහැර සිට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd