(පද්මා කුමාරී කංකානම්ගේ )
වලංගු ධීවර මෙහෙයුම් බලපත්‍ර නොමැතිව පුත්තලම කළපුවේ තිරික්කපල්ලම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නියැලුණු ධීවරයින් 4 දෙනෙකු සංගිලි දැල් කට්ටල දෙකක් සමඟ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්‍යාලයේ නිලධාරීන් විසින් අද(31) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීමට පුත්තලම තම්බපණ්ණී නාවික හමුදා නිලධාරීන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ට සහාය ලබා දී ඇත.
1996 අංක දෙක දරන ධීවර පනත අනුව සංගිලි දැල් භාවිතය තහනම් බවත් පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පවසයි. විශේෂයෙන්ම කළපු පතුලට හාණි සිදුවන මෙම දැල් මගින් කුඩා මසුන් මෙන්ම මසුන්ගේ බිත්තර ද විනාශ වන බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



2025 දෙසැම්බර් මස 04
503
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
473
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංගිලි දැල් කට්ටල 2 ක් සමඟ ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට