IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සෞඛ්‍ය පරීක්ෂකට බැන්න කරණවෑමියා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම අලුත්ගම ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට බැන තර්ජනය කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් කරණවෑමියෙකු හා ඔහුගේ බිරිඳ අද (20) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ  නිසි අවසරයක් නොමැතිව සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව  අනාරක්ෂිත අයුරින් අලුත්ගම  ප්‍රදේශයේ කරණවෑමියෙකු නිවසට යාබද කූඩාරමක් තුළ කොණ්ඩා  කපන  බවට මැදගම මහජන සෞඛ්‍ය පරීක්ෂක මධුෂාන් මහතාට  ප්‍රදේශවාසීන්ගෙන් ලද දුරකථන ඇමතුම් කිහිපයක් අනුව වහා ක්‍රියාත්මක වූ ඔහු එම නිවස සොයා ගොස් තිබූ බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදී පුද්ගලයෙකුගේ කොණ්ඩය කරණවෑමියෙකු කපන අයුරු දුටු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සෞඛ්‍ය  ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් කොණ්ඩ කැපීම වහා නතර කරන ලෙස පවසා ඇත.

මේ වනවිට ව්‍යාප්තව තිබෙන කොරෝනා  වසංගතය හේතුවෙන්  රජය මගින් ලබා දී තිබෙන සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව රැකියාව කරන ලෙස කරණවෑමියෙකු දැනුවත් කිරීමට සෞඛ්‍ය පරීක්ෂකවරයා පියවර ගෙන තිබූ බව පොලිසිය පැවසීය.

එම අවස්ථාවේදී කරනවෑමියා සහ ඔහුගේ බිරිඳ ආවේගශීලීව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට බැන වැදී තර්ජනය කර ඇති බව පොලිසිය කියයි.

 



අදහස් (0)

සෞඛ්‍ය පරීක්ෂකට බැන්න කරණවෑමියා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site