IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ෂාෆිට එරෙහි පෙත්සම් ලක්ෂයක් අත්සන් කිරීම ඇරඹෙයි

(රවින්ද්‍ර ප‍්‍රභාත් නෙත්තසිංහ)
 
මව්වරුන් වන්ද්‍යාකරණය කරනු ලදැයි චෝදනාවට ලක්ව සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍ර‍්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යන අයට නීතිය අකුරටම ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂයක පෙත්සමක් අත්සන් කිරීම වාරියපොල නගරයේ දී අද (4) ආරම්භ විය. 

ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු පිරිසක් විසින් පෙත්සම අත්සන් කිරීම ආරම්භ කළ අතර ජනාධිපතිවරයාට පෙත්සම බාර දී පරීක්ෂණ නිසි පරිදි සිදුකරන මෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව දේවමැදිහත්පත්තුවේ උප ප‍්‍රධාන සංඝනායක ශ‍්‍රාස්ත‍්‍රපති මානිංගමුවේ සුමණජෝති ස්වාමීන් වහන්සේ පැවසූහ. 

හිටපු පළාත් සභා අමාත්‍ය ඩී.බී. හේරත් මහතා අවස්ථාවට සහභාගී වෙමින් පවසා සිටියේ වයඹ පළාතේ තිස් අවුරුදු යුද්ධයෙන් මියගිය ගණනට වඩා ජීවිත සංඛ්‍යාවක් වෛද්‍ය ෂාෆි විසින් විනාශ කර ඇති බවයි. ඉදිරි දිනවලදී පෙත්සම සෑම නගරයකටම ගෙන යාමට කටයුතු කරන බව සංවිධායකයෝ කියති. 



අදහස් (0)

ෂාෆිට එරෙහි පෙත්සම් ලක්ෂයක් අත්සන් කිරීම ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site