(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ ප්‍රදේශයේ පාසලක ශිෂ්‍ය භට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සැරයන්වරුන් දෙදෙනෙකු හා කෝප්‍රල්වරුන් සිව්දෙනෙකු සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දී ඇතැයි හොරණ පොලිසිය කියයි.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ 12 වසරේ කලා අංශයේ සිසුන් දෙදෙනෙකි.
පහරකෑමට ලක්වූ සිසුන් දෙදෙනා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.
පහර දීම සඳහා පිත්තක්, කොසු හා පොලු යොදාගෙන ඇති බවත් පොලිසිය කියයි.
ශිෂ්‍ය භට කණ්ඩායමේ පුහුණුවීම් සඳහා අසනීප හේතුවෙන් සහභාගීවීමට නොහැකිබව පැවසීම සම්බන්ධයෙන් උරණව මෙම පහරදීම කර ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd