(පාලිත ආරියවංශ)
 
හාලිඇල , ගලඋඩ ප්‍රදේශයේ මුස්ලිම් පාසලක  ඉගෙනුම  ලබන බාල වයස්කාර ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන්  පස් දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබූ එම පාසැලේම ගුරුවරයෙක් අත්අඩංගුවටව ගැනීමට විමර්ශන ආරම්භකර ඇතැයි බදුල්ල පොලිසිය  පවසයි.
 
අපයෝජනයට ලක්වූ මෙම සිසුන් වයස අවුරුදු 15 සහ 16 යන වයස් කාණ්ඩවලට අයත් වූවන් බව විමර්ශන වලදී අනාවරණය වූ බවද පොලිසිය සදහන් කරයි.
 
ශිෂ්‍යාව පන්ති කාමරයක් තුළදී මෙසේ අපයෝජනය ලක්කර ඇති අතර ශිෂ්‍යයන්  5 දෙනා ක්‍රිකට්  පුහුණුව සදහා පවසා   පාසැල් කාලයෙන් පසුව නතරකර වසරක  පමණ කාලයක් තිස්සේ  මෙම අපරාධය සිදුකර ඇති විමර්ශන වලදී අනාවරණය වී  තිබේ .
 
මෙම සිද්ධින් පිළිබදව පොලිසියට පැමිණිලි ලැබීමෙන් පසු( 44 ) හැවිරිදි සැකකාර දමිල ජාතික ගුරුවරයා  ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්ඩංගුවට ගැනීම සදහා පොලිස් නිලධාරින් යොදවා ඇතැයි ද පොලිසිය සදහන් කළේය