අමදෝරු අමරජීව
කින්නියා අධ්‍යාපන කලාපයට අයත් මොල්ලිපොතාන මධ්‍ය මහා විද්‍යාලයීය විභාග ශාලාවේදී පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුවියන් පිරිසකට විභාග අවස්ථාවේදී පිළිතුරු ලිවිමට බාධා කළැයි කියන විභාග නිරික්ෂකයන් පිරිසක් සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
මොල්ලිපොතාන ෆාතිමා බාලිකා විද්‍යාලයේ සිසුවියන් කිහිප දෙනෙකුට විභාග අවස්ථාවේ පිළිතුරු ලිවිමට බාධා කරමින් වරින් වර පිළිතුරු පත්‍ර පරික්ෂා කිරිම , ඒ තුළින් විභාග මානසිකත්වය වෙනතකට හැරවිමට උත්සහ ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ෆාතිමා බාලිකා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතිය කළ ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම පරික්ෂණය අරඹා තිබේ.
මේ සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබා ගැනීම සඳහා එම විභාගයේ අධික්ෂණ කටයුතු කළ විභාග සම්බන්ධිකරණ නිලධාරිය පත්කළ බව පළෘත් අධ්‍යාපන ලේකම් අයි.කේ.ජි.මුතුබණ්ඩා මහතා පැවසීය.
අදාළ වාර්තාව ලැබුණු පසු එම වාර්තාවේ අඩංගු කරුණු සැළකිල්ලට ගෙන ඉදිරි පියවර ගන්නා බව ද පළාත් අධ්‍යාපන ලේකම්වරයා කීය.
2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
456
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශිෂ්‍යත්වයේ දී සිසුවියනට බාධා කළ නිරික්ෂකයන් ගැන පරික්ෂණයක්