IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ශ්‍රී පාද විද්‍යා පීඨ ගුරු සිසුහු වර්ජනයක

(රංජිත් රාජපක්ෂ )                      
                                                   
හැටන් පතන ශ්‍රී පාද අධ්‍යපන විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යසලාභි සිසුහු එම විද්‍යා පිඨය තුළ අද (06) පන්ති වර්ජනය කරමින් විරෝධතාවයක නියැලි සිටිති.


 අද උදෑසන සිට එම විද්‍යා පිඨයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට  සිසුහු  මෙලෙස  විරෝධතාවයේ නියැලි  සිටිති.
 
 විද්‍යා පිඨයේ රොජිස්ටාර්වරයා ස්ථාන මාරු කරන ලෙස බල කරමින් මෙම ගුරු අභ්‍යාසලාභිහු මෙලෙස  වර්ජනයේ නියැලී සිටිති.
 
 විද්‍යා පිඨයේ මුළුතැන්ගෙය  අපිරිසිදුව පවත්වාගෙන යාම නිසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එම මුළුතැන්ගෙය තාවකාලිකව ඊයේ (05) සිට වසා දැමිම නිසා තමන්ට ආහාර පාන නිසි වේලාවට නොලැබෙන බවත්, එවන් තත්ත්වයත් මත සිටියදි ඊයේ රාත්‍රියේ රෙජිස්ටාර්වරයා ඇතුළු එම විද්‍යා පිඨයේ අනධ්‍යන කාර්යය මණ්ඩලයේ පිරිසක් විද්‍යාපිඨය තුල මත්පැන් සාදයක්ද පැවැත් වු බවද  විරෝධතාවය දක්වන විද්‍යාපිඨයේ අභ්‍යාසලාභි සිසුහු පවසති.
 
 රෙජිස්ටාර්වරයා සහ  අනධ්‍යන කාර්යය මණ්ඩලයේ නිලධාරින් පිරිසක් සහ ගුරු අභ්‍යාස ලාභි සිසුන් අතර ඊයේ රාත්‍රියේ විද්‍යාපිඨය තුළ ඇති වු නොසන්සුන්කාරි තත්ත්වයක් පාලනය කිරිමට දිඹුල පොලිසියද මැදිහත් විණි.
 
 එම විද්‍යා පිඨයේ අනධ්‍යන කාර්යය මාණ්ඩලයේ නිලධාරින්ගේ ආරක්ෂාව උදෙසා රෙජිස්ටාර්වරයා සහ තවත් නිලධාරින් කිහිප දෙනෙකු අද අලුයම තෙක්  දිඹුල පොලිසියේ රඳවා තබා ගැනිමට ද පොලිසිය කටයුතු කර තිබිණි.
 
පිඨාධිපතිනි රමණි අඹේනායක මහත්මියගෙන් කළ විමසුමකදී  ඇය කියා සිටියේ තම ආයතනයේ උසස් නිලධාරින්ගේ අනුමැතියක් නොමැතිව මාධ්‍යයට කිසිදු ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි.

 

 



අදහස් (0)

ශ්‍රී පාද විද්‍යා පීඨ ගුරු සිසුහු වර්ජනයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site