(තුසිත කුමාර ද සිල්වා)
දර්ගානගරයේ සහ අලුත්ගම නගරයේ වෙළඳසැල් 7කින් මුදල් සහ දුරකතන කාඩ්පත් සොරාගත් පුද්ගලයකු අද(20) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි ගල්මත්තේ පදිංචිකරුවෙකි.
වෙළඳසැල් විවෘත කර ඇති අවස්ථාවලදී මෙම තැනැත්තා සූක්ෂමව එහි මුදල් සහ දුරකතන කාඩ්පත් සොරකම් කර ඇති අතර එම මුදල්වලින් මත්කුඩු පානය කර ඇති බවද පොලීසිය කියයි.
ආරක්ෂක කැමරා දර්ශනවලින් ලබාගත් තොරතුරු මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු දොඩන්ගොඩ, කළුතර, වැලිපැන්න පොලිස් වසම්වලින් රන්මාල කොල්ලකෑම් සිද්ධීන් කිහිපයක වරෙන්තුකරුවකු බවද පොලීසිය කියයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd