( සුමතිපාල දීයගහගේ සහ ජේ කේ එල් චාමින්ද )
මහ මඟ නවතා ඇති ත්‍රී රෝද රථවලින් භාණ්ඩ සොරකම් කරන ආබාධිත විශ්‍රාමික රණවිරුවෙකු බූස්ස පන්සල පාරේදී අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
ගාල්ල මාගාල්ලේ වෙළදසැලක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙකු මීට දින කීපයකට පෙර උදේ නිවසේ සිට සිගරට් කිරිපිටි ඇතුලු භාණ්ඩ තොගයක් ත්‍රී රෝද රථයකින් ගෙනවිත් වෙළදසැල ඉදිරිපිට රථය නවතා වෙළදසැල විවෘත
කිරිමට ත්‍රී රෝද රථයෙන් බැස ගොස් ඇත.
එම අවස්ථාවේ ත්‍රී රෝද රථයේ තිබූ සිගරැට් තොගයක් ඇතුලු තවත් භාණ්ඩ කීපයක් අතුරුදහන්වී ඇති බව දැන ගත් ව්‍යාපාරිකයා පොලිසියට පැමිණිලිකර තිබේ.
ඒ අනුව පරික්ෂණ පැවැත්වු ගාල්ල වරාය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන සොරකම් කරන ලද සිගරැට් ඇතුලු භාණ්ඩ කීපයක්ද සොයා ගෙන ඇත.
ආබාධිත විශ්‍රාමික සෙබලෙකු වන මොහු රුපියල් හැත්තෑ අට දහසක විශ්‍රාමික වැටුපක් ලබන අයෙකු බවත් සැකකරු අධික ලෙස හෙරොයින් පානය කිරිමට ඇබ්බැහිවි ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මිට පෙරද මහමඟ නවතා තිබූ ත්‍රි රෝද රථ කීපයකින්ම මොහු දේපොල සොරකම් කර ගෙන ගොස් ඇති බව අනාවරනයවී ඇතැයිද පොලිසිය පැවසිය.
සැකකරු අද (14) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. ගාල්ල වරාය පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වාහන වලින් භාණ්ඩ සොරාගත් ආබාධිත රණවිරුවෙක් අත්අඩංගුවට