IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වීසා බලපත්‍ නොමැති විදෙස් මව හා පුතු අත්අඩංගුවට

(ජේ.කේ.එල් චාමින්ද)

ආගමන විගමන පනත උල්ලංඝනය කරමින්  වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි ස්විට්සර්ලන්ත ජාතික මවක හා පුතෙකු අත්අඩංගුවට ගත්බැව් හික්කඩුව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් කාන්තාවගේ වයස අවුරුදු 61ක් වන අතර පුතුගේ වයස අවුරුදු 42කි.

මෙකී මව හා පුතු 2017 වර්ෂයේ සිට මෙරට රැඳීසිට ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. 2017 වර්ෂයේදී මොවුන් දෙපලගේ වීසා බලපත්‍රයේ කාලය අවසන් වී ඇත. මව හා පුතු වසර තුනක පමණ කාලයක්  වීසාබලපත්‍ නොමැතිව  මෙරට රැඳීසිටි ඇති බව පොලිසිය පවසයි.

වීසා නොමැතිව මෙරට රැඳීසිටින විදේශිකයින් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ඊයේ (05) රාත්‍රී ක්‍රියාත්මක විය. මෙකී මව හා පුතු හික්කඩුව තිරාණගම ප්‍රදේශයේ කුලීනිවසක සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මව හා පුතු අද (06) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

වීසා බලපත්‍ නොමැති විදෙස් මව හා පුතු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 194 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site