(ඩී.ජී.සුගතපාල)
දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 36ක පුද්ගලයින් 863ක් අද (23) දහවල් වනවිට පීඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ මේජර් ඉන්දුක විකුමසිංහ මහතා පැවසිය.
වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ හබරාදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බවද ඒ මහතා පැවසිය. හබරාදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 8ක පවුල් 150ක සාමාජිකයින් 431ක් පිඩාවට පත්ව ඇත.
ඉමදුව,අක්මිමණ,අම්බලන්ගොඩ,යක්කලමුල්ල,බද්දේගම,වැලිවිටිය,දිවිතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලද පුද්ගලයින් 430ක් පීඩාවට පත්ව සිටිති.
එයට අමතරව ඉමදුව, හබරාදුව, අම්බලන්ගොඩ, යක්කලමුල්ල, බද්දේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිවාස පහකට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 41ක අර්ධ හානි ද සිදුව තිබේ.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය සහන සැලසීමට වහාම පියවර ගෙන ඇති බවයි.
මේ අතර ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන් සහ තවලම ප්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ ඇතැයි දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය පවසයි.
ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ දිස්ත්‍රික්කයේ පහත් බිම් සහ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට ද බාධා පැමිණ තිබෙන බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් නිකුත් කරන ලද රතු නිවේදනයේ සඳහන්ව ඇත්තේ තවදුරටත් ගාල්ල දිස්ත්‍රික්කයට තදවැසි ලැබීමට ඉඩ තිබෙන බවයි.
2025 නොවැම්බර් මස 21
162
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
233
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1103
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වැස්සෙන් ගාල්ලේ 863 ක් පීඩාවට