IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැස්සෙන් අ’පුරත් ජලයෙන් යටවෙයි

(බී.ජී. චතුරංග)

අනුරාධපුර නගරයට නොකඩවා ඇදහැලෙණ දැඩි වර්ෂාව හේතුවෙන් මහා මාර්ග, නිවාස හා වෙළඳසල් ඇතුළු නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවූ බව අනුරාධපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පැය හතරකට වැඩි කාලයක් අඛණ්ඩව මෙම වර්ෂාව ඇදහැලුණු අතර එය මිලිමීටර 172 ක් ලෙස සටහන්ව තිබූ  බව එම මධ්‍යස්ථානය පවසයි.

අනුරාධපුර නව නගර මධ්‍යයේ පිහිටා ඇති කුම්බිච්චන්කුලම වැව පිටාර ගැලීම හේතුවෙන්, අනුරාධපුර නව නගර දුම්රිය ස්ථානය අසල ප්‍රධාන මාර්ගය පැය කිහිපයක් ජලයෙන් යටව තිබීම හේතුවෙන් එම මාර්ගයේ  ගමනාගමනයය බාධා ඇතිවිය.

අනුරාධපුර පැරණි  පූජා නගරයට ඇතුළු වන ස්ථානයේ, 'මල්වතු ඔය ලේන්' හරහා ඉදි කෙරෙමින් පවතින පාලම ජලයෙන් යටවී තිබූ අතර වැඩ බිමෙහි නවතා තිබූ බවුසරයක් ජල පහරට  ගසා ගෙන ගොස් අසල වෙල්යායක නතර වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වර්ෂාව සමග ඇතිවූ දැඩි සුළං තත්වයක් හේතුවෙන් පූජා නගරයේ පිවිසෙන සිංහල කණුව ආසන්නයේ ඇති දුම්රිය නිල නිවාස කීපයකට ගස් කඩා හානි සිදුව ඇත.

අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් සහ අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත  කර ඇති බවත්, කලා ඔය  දෙපස සිටින ජනතාව විමසිලිවත්ව සිටින ලෙස  රාජාංගන වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.  

 



අදහස් (0)

වැස්සෙන් අ’පුරත් ජලයෙන් යටවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site