IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට තීරණයක්

(මනෝජ් හර්ෂික)

2019 අයවැය යෝජනාව මඟින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ජූලි මස සිට ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදා ඇත.

ඒ අනුව 2015 දෙසැම්බර් 31 ට පෙර විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන් 500,000කට පමණ මෙම විශ්‍රාම වැටුප් වැඩිවීමේ වාසිය හිමිවන අතර විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන්ගේ මාසික වැටුප රු 2,800 සහ රු 20,000ක් අතර මුදලකින් වැඩිවේ.

2015 දෙසැම්බර් මස 31 වැනි දිනට පෙර සේවයෙන් විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපේ පැවැති විෂමතාව ඉවත් කිරීම හරහා එම විශ්‍රාමිකයන්ට සහන සැලසේ.මෙම විශ්‍රාම වැටුප් වැඩි කිරීම සඳහා හේතු වූයේ 2015 දෙසැම්බර් මස 31 දාට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් සහ 2015 න් පසු විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් යන දෙපිරිස රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ දෙකක් යටතේ විශ්‍රාම ගැන්වීමෙන් ඇතිවූ විෂමතාවය හේතුවෙනි.

2015 දෙසැම්බර් මස 31 වැනි දාට පෙර විශ්‍රාම ගිය අය සඳහා 05/2015 වක්‍රලේඛය ක්‍රියාත්මක වූ අතර ඉන් පසු විශ්‍රාම යන්නන් සඳහා ක්‍රියාත්මක වනුයේ 03/2016 චක්‍ර ලේඛයයි. 03/2016 යටතේ වන විශ්‍රාමිකයන් සඳහා 2020 දක්වා ක්‍රමානූකූලව වැටුප් සංශෝධන සිදු කෙරෙන අතර 2015 වැටුපට සාපේක්ෂව එම සියලු රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප 2020 දී 107%කින් වැඩිවේ.

මෙම විශ්‍රාම වැටුප් වැඩි කිරීම සඳහා රජය අයවැය මගින් රුපියල් මිලියන 12,000 ක් වෙන් කර ඇති බව මුදල් අමාත්‍යාංශ සඳහන් කරයි.



අදහස් (1)

විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට තීරණයක්

W.L. haraha chathuranga Sunday, 05 April 2020 12:40 PM

රැකියා ඕන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site