(පාලිත ආරියවංශ)
තෛපොංගල් උත්සවය දා බදුල්ල වේවැල්හින්න වත්තේදී වතු කම්කරුවන් දෙපිරිසක් ඇතිවූ ගැටුමට සම්බන්ධ තුවාලකරුවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයන් 14 දෙනෙකු බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවන් කීපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරික්ෂණ පවත්වයි.
බීමත්ව කළහකාරි ලෙස හැසිරෙමින් කැපෙන ආයුධ පොලු හා ගල් උපයෝගී කර ගනිමින් මෙම ගැටුම සිදුකර ඇති බව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd