IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


වැව්පිටිය හා බෝගහකුඹුර සිඳී ගොවීහු අසරණ වෙති

(නිශාන්ත කුමාර)
වියලුව ආසනය තුළ පිහිටි ප්‍රධානතම වාරිමාර්ග යෝජනා ක්‍රමයක් වන කෝමාරීක ඇළ මාර්ගය සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව රුපියල් කෝටි ගනනක වියදමක් දරා මීගහකිවුල කරමැටිය ප්‍රදේශයේ ඉදිකල වැව්පිටිය හා බෝගහකුඹුර ජලාශ දෙකම සිදී යාමෙන් කුඹුරු අක්කර සියයකට ආසන්න ප්‍රමාණයක් වසර 2ක කාලයක් තිස්සේ පුරන් වෙමින් පවතින බව ප්‍රදේශයේ ගොවිහු පවසති.
කෝමාරීක ඇල මාර්ගය යටතේ වගා කරනු ලබන කුඹුරු වලට ජලය සැපයීමෙන්  පසුව අතිරික්ත ජලය ගබඩා කොට  තවත් ඉඩම් ප්‍රමාණයක් වගා කිරීම අරමුණු කර ගනිමින් මෙම ජලාශ දෙක ඉදිකරනු ලැබූවද  මේ වන විට පවත්නා ජල හිගය හේතුවෙන් එය නිෂ්ඵල වෑයමක් බවට පත්ව ඇතැයි කරමැටිය දිලෙනතරු ගොවි සංවිධානයේ සභාපති ඩී එම් පුංචි බණ්ඩා මහතා පැවැසිය .
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෝමාරීක ව්‍යාපාරයේ නේවාසික කළමණාකාර හා ඉංජිනේරු සහකාර මාධව ඉන්දික රත්නායක මහතා මෙසේ කීවේය.
‘‘මෙම වැව් දෙක හැදුවේ තවත් ඉඩම් ප්‍රමානයකට ජලය දීමේ අරමුණ ඇතිව තමයි. වර්ෂාව හරියට ලැබුණා නම් මෙම තත්වය ඇති වන්නේ නැහැ. මුල් කාල වලදී අපි මේ වැව් පුරවල ගොවිතැන්වලට ජලය දුන්නා. නමුත් මේ වසරේ වගේම පහුගිය වසරේ අපේක්ෂිත පරිදි වැසි ලැබුණේ නැහැ. ඒ තත්වය මත තමයි අපිට මේ වැව් දෙක පුරව ගන්න අමාරු වුණේ. අපේක්ෂිත පරිදි ඉදිරියේදී හෝ වර්ෂාව ලැබුණොත් අපිට මේ වැව් දෙක පුරවගන්න පුළුවන් වේවි.‘‘

 



අදහස් (0)

වැව්පිටිය හා බෝගහකුඹුර සිඳී ගොවීහු අසරණ වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 433 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site