(පුත්තලම - ජුඩ්සමන්ත)
වව්නියාවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුට ජීප් රථයකින් පැමිණි පිරිසක් විසින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.
අද 28 දහවල් හලාවත - කොළඹ මාර්ගයේ පම්බල ප්‍රදේශයේදී මෙම පහර දීම සිදු වී ඇත.
එසේ පහර කෑමට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව - ආනවිළුන්දාව පදිංකරුවෙකු වන කේ.ඩී.සාලිය එදිරිසිංහ නම් අයෙකි.පහර දුන් අය තමන් අත තිබූ මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍රයද පොලවේ ගසා හානි කර ඇති බව බස් කොන්දොස්තරවරයා විසින් කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
මේ අයුරින්ම හලාවත - කොළඹ අතර ධාවනය වන පුද්ගලික බස් රථ රියදුරෙකුට පංචිකාවත්ත ප්‍රදේශයේදීද පසුගිය 26 වැනිදා පහර දී ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර,හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.
2025 නොවැම්බර් මස 21
136
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1078
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වව්නියා - කොළඹ බස් රථයකට හලාවතදී ප්‍රහාරයක්